මිග් ගණුදෙනුවට උදයංගට ඉන්ටර්පෝල් වරෙන්තුවක්

ආන්දෝලනාත්මක මිග් යානා ගණුදෙනුවට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි මෙම නියෝගය ලබාදුන්නේ. ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී එම ගණුදෙනුවට සැක සහිත ලෙස මැදිහත්වීමේ චෝදනා මත වීරතුංග මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා. ඔහු මේ වන විට රටින් පලා ගොස් සිටින අතර යුක්රේනයේ ඔහු රැදී සිටින බවටයි තොරතුරු වාර්තාවී ඇත්තේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම ගණුදෙනුවට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවකු ලෙස නම් කරමින් සිදුකළ ඉල්ලීමක් මත අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතරක් මිලදී ගැනීමේදී ලක්ෂ 145ක් වංචාවක් සිදුවූ බවටත් ලද පැමිණිලි මතයි මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ.

ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ විදෙස් සංචාරය කිහිපයකටද උදයංග වීරතුංග මහතා සම්බන්ධවී සිටින ආකාරය ජායාරූප මගින් අනාවරණ වුනා.

ඔබගේ අදහස අපට කියන්න

Close