උසාවියේ නිහඩ බව අවසන්- සිනමාපටයේ බාධාව ඉවතට

ප්‍රසන්න විතානගේ  අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි” චිත්‍රපටියට පසුගිය 06වනදා සිට පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරිමට කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද නියෝග කරනු ලැබුවා.

මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී , තමන් ස්ත්‍රී දූෂණයක් කළ බවට පළ වූ පුවතක් පාදක කරගනිමින් මෙම වාර්ථමය චිත්‍රපටය නිර්මාණය කර ඇති බව පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අදාළ අතුරු තහනම් නියෝගය ඉල්ලමින් ගොනු කළ නඩුව අද කැඳවමින් දිසා විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.

එම නඩුව නැවත ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

කෙසේ වෙතත් සිනමාපටය බාධාවකින් තොරව විකාශය කිරීමට මේ යටතේ අවස්ථාව හිමිවනවා.

මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වනවිට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත් පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබුණා.

අදාළ ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම ඉදිරියේ ලෙනින් රත්නායක වැරදිකරු බවට පත් වී වැඩ තහනමට ලක් කරනු ලැබුවා.

Image result for silence in the court

ඔබගේ අදහස අපට කියන්න

Close