ට්‍රම්ප් රූකඩයක් / හිලරිගෙන් පුටින්ට චෝදනා

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමා පරාජය වුවහොත් එහි ප්‍රතිඵල පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශ කිරීම රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ, අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති තෙවැනි අවසන් විවාදයේදී.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අමෙරිකානු ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනා අතර අවසන් විවාදය පැවැත්වුණේ ලාස්වේගාස්හි නොවාඩා විශ්වවිද්‍යාලයේදී.   එහිදී ඔවුන් මාතෘකා රැසක් පිළිබඳව වාද විවාදවල නිරත වුණා.

ඩිමොක්‍රටික් පක්ෂ අපෙක්ෂිකා හිලරි ක්ලින්ටන් මෙහිදී ප්‍රකාශ කළේ, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අපෙක්ෂා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බවයි.

රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ, අමෙරිකානු රූකඩ ජනාධිපතිවරයෙකු බව ඇය පෙන්වා දුන්නා.

විවාදයේ දී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට එල්ල වූ කාන්තාවන් පිළිබද චෝදනා අසත්‍ය බව අවධාරණය කළා.  තමන් ජනාධිපති වුවහොත්, අමෙරිකාවේ ගබ්සාව, නීත්‍යානුකූල වන නීතිය සංශෝදනය කිරීමට අපෙක්ෂා කරන බවත් ඔහු කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close