ඩුබායි ගිණුමක් ගැන ජනපතිගෙන් ඇසුවේ නෑ – රාජිතගේ කතා බොරු – මහින්ද කියයි

ඩුබායි බැංකු ගිණුම් ප්‍රශ්නයක්‌ පිළිබඳව තබා තම දරුවන්ට තිබෙන ප්‍රශ්නයක්‌ පිළිබදව හෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ තමා කිසිදු අවස්‌ථාවක සාකච්ජා කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි අයකු කරන මෙවැනි බොරු ප්‍රචාරවලට උත්තරදීමට තමා අකමැති වූවත්,ජනතාවට සත්‍යය දැන ගැනීම සදහා මෙය පවසන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.
පසුගියදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ඩුබායි ගිණුම් පිළිබද පරීක්ෂණ සදහා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය ජනපති හමුවී පැයක් යාමට පෙර හිටපු ජනපති වත්මන් ජනාධිපතිවරයාට ඇමතුමක් ලබාදුන් බවයි.
තමන් පිලිබද පරීක්ෂණ සදහා ලිපියක් නිකුත් කළේ දැයි හිටපු ජනාධිපතිවරයා විමසා තිබූ බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම අදාළ ගිණුම් පිළිබද පරීක්ෂණ පමා වීම හේතුවෙන් ඩුබායි ගිණුම්වල මුදල් මේ වන විට ඉවත් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close