තේ හැදූ තරුණයාගේ ඉරණම දවසින් වෙනස් කළ නිල්පාට ඇස්

chaiwala-contract2_759තේ සෑදීමේ නිරතව සිටින තරුණයකුගේ ජායාරූපය පසුගියදා අන්තර්ජාලයේ ජනප්‍රියවීම හේතුවෙන් එම තරුණයාගේ ඉරණම වෙනස්වී තිඛෙනවා. පාකිස්ථාන ජාතිකයකු වන අර්ෂාඩ් ඛාන් මෙම වාසනාවට හිමිකම් කියුවේ ඔහුගේ නිල් පැහැති දෙනෙක් හේතුවෙනුයි.
වෘත්තියෙන් තේ සෑදීමේ නිරතවූ මෙම තරුණයා ඉකුත් දිනක පකිස්ථානයේ ජනප්‍රිය කැමරා ශිල්පියකු අහම්ඛෙන් ලබාගත් සේයාරුවක ඉලක්කය බවට පත්වුණා.
එම ජායාරූපය සමාජ ජාලයක පලවීමෙන් පසුව බොහෝ දෙනා මෙම තරුණයා පිළිබද අදහස් පල කරන්නට පටන් ගත්තා.
එහි ප්‍රතිඵලය වූයේ එක රැයකින් අර්ෂාඩ් පාකිස්ථානයේ බොහෝ දෙනකු ඇලුම් කරන ජනප්‍රිය චරිතයක් බවට පත්වීමයි.
එය එතනින් නැවතී නැහැ.
ඊට හේතුව වන්නේ මෙම තරුණයා සමග පාකිස්ථානයේ අන්තර්ජාල වෙළද වෙබ් අඩවි සියල්ල ගිවිසුමකට එළඹීමයි.
ඒ මෝස්තර නිරූපණ ශිල්පියකු වශයෙන් කටයුතු කිරීමටයි.
එම ගිවිසුම් හරහා තේ සෑදිමේ නිරතවූ අර්ෂාඩ් ධනවතකු බවට පත්ව සිටිනවා.
මේ වන විට පකිස්ථාන සිනමාපට කිහිපයකටද ඔහුට ඇරයුම් ලැබී ඇති බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ.

2016-10-19

chaiwala-contract2_759

ඔබගේ අදහස අපට කියන්න

Close