දුම් පානය කරන චිම්පන්සියා සුපිරි තරුවක් වෙලා (Video)

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයක වෙසෙන ඩලීයා නැමැති චිම්පන්සියා මේ වන විට අන්තර්ජාලයේ සුපිරි තරුවක් බවට පත්ව සිටිනවා.
ඒ එම සත්ත්වයගේ අපූරු හැසිරීමක් හේතු කරගනයි.
ඉකුත් දිනවල මෙම චිම්පන්සියා දුම්වැටියක් පානය කරන අකාරය අන්තර්ජාපයේ ප්‍රචලිතවීමෙන් පසු ලොව පුරා බොහෝ දෙනා ඒ පිළිබද අදහස් පල කරමින් සිටිනවා.
ඇතැම් පිරිස් මෙම සිද්ධිය හෙළා දකිමින් අදහස් දක්වන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙම චිම්පන්සියාගේ භාරකරුවන් සත්ත්ව හිංසනයක් සිදුකර ඇති බවයි.
ඒ එම සත්ත්ත්වයාට දුම් පානය හුරු කළ බවට වන චෝදනා මතයි.
මේ හේතුවෙන්ම අන්තර්ජාලයේ සුපිරි චරිතයක් බවට පත්වන්නටයි එම චිම්පන්සියා සමත්ව සිටින්නේ.
මේ එම සත්ත්ත්වයා දුම්වැටි පානය කළ ආකාරය ලොව පුරා ප්‍රචාරය වූ අයුරුයි.

ඔබගේ අදහස අපට කියන්න

Close