යාපනය සරසවියේ සිසුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැක

යාපනය පොලීසියේ සේවය කළ පස්දෙනෙකු 21 දා සවස පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව ඇති බව පොලිස් මූලස්තානය පවසනවා.

ඔවුන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.

යාපනය චුන්කම්හි  එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වී මත්පැන් පානය කොට ආපසු අනෙක් සිසුවා නේවාසිකාගාරයට ඇරලීම සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව යි.

මෙම වෙඩි තැබීම සිදුව ඇති බව දැනට සිදු කෙරුණු පරීක්ෂණ වලදී හෙළි වී ඇති අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එස් .සෂිදරන් යාපනය රෝහලේ රැදී සිටිමින් පැවසුවේ මියගිය සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණ  කටයුතු අවසන් වූ බවයි.

එහිදී එක් සිසුවෙකුගේ ශරීරයේ වෙඩි උණ්ඩයක් තිබූ බවට වෛද‍යවරයා නිගමනය කළ අතර ඔහුගේ මරණය වෙඩි තැබීමක් හේතුවෙන් මිය ගිය බවට සනාථ කළ බවද ඔහු කියා සිටියා.

අනෙක් සීසුවා මියගිය අන්දම පිළිබදව මෙතෙක් ස්ථිර නිගමනයකට නොපැමිණි බව ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පැවසීය.

පොලිස් ප්‍රධානියා කියා සිටියේද එක් සිසුවෙකුගේ මළ සිරුර තූළ වෙඩි උණ්ඩයක් තිබූ බවයි.

විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා මිය යාමෙන් පසුව යාපනය පොලීසිය ප්‍රකාශ කොට තිබුණේ අධික ලෙස බීමත්ව පැමිණි සිසුන් දෙදෙනා යතුරු පැදි අනතුරකින්  මරුමුවට පත් වූ බවයි.

නමුත් සිද්ධිය වූ ස්ථානය අවට පදිංචි කරුවන් තමන්ට වෙඩි හඩවල් ඇසුණු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැවසීමෙන් පසුව ඔවුන් ඒ පිළිබදව විපක්ෂනායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ වන විට ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සමග ත්‍රිකුණාමලයේ උත්සවයකට සහභාගි වෙමින් සිටි නිසා වහාම සිද්ධිය පිළිබදව ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එවේලේම කළ නියෝගයක් මත යාපනය පොලීසියේ පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වුණා.

මිය ගොස් ඇත්තේ යාපනය කන්දරෝඩෙයි චුන්නනකම්හි පදිංචි 24 හැවිරිදි සුදන්දිරරාජා සුලක්ෂන් හා කලිනොච්චිහි 156 සැතපුම් කනුව පදිංචි නඩරාජා ගජන් යන ශිෂ්‍යයින් දෙදෙනායි.

jaffna jaffna-2 jaffna-3

ඔබගේ අදහස අපට කියන්න

Close