ශ්‍රී ලංකා ඒ පිල තරගාවලිය ජය ගනී

සංචාරක කොදෙව් ඒ කණ්ඩායම සමග නිල නොවන සිව්දින තරගාවලිය ශ්‍රී ලංකා ඒ කන්ඩායම අද ජය ගත්තා. ඒ 3න්වන සිව්දින තරගය ලකුණු 138කින් ජය හිමිකර ගනිමින්. මෙම තරගයේදී ශ්‍රී ලංකා ඒ පලමු ඉනිම ලකුණු 318යි. සදුන් වීරක්කොඩි ලකුණු 79 ක් ලබාගත්තා. කොදෙව් ඒ කන්ඩායමේ පලමු ඉනිම ලකුණු 243 යි. ලකුණු 75 ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ඒ කන්ඩායම කඩුලු 6කට ලකුණු 257ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. එහිදී අසේල ගුණරත්න ලකුනු 69 යි. ලකුණු 332ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් ඒ කන්ඩායම දෙවන ඉනිමට ලකුණු 194යි. ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 47කට කඩුලු 6ක් දවා ගත්තා.

ඔබගේ අදහස අපට කියන්න

Close