ඉරාකයේ පවුල් 200ක පිරිසක් අයි එස් ග්‍රහණයේ

ඉරාකයේ මෝසුල් නගරයේ බලය අහිමි වෙමින් සිටින අයි එස් ත්‍රස්තයින් සිවිල් වැසියන් පිරිසක් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බව හෙළිව තිඛෙනවා.
නවතම වාර්තා පෙන්වා දෙන්නේ පවුල් 200ක මෝසුල් වැසියන් පිරිසක් මෙම තත්ත්වයට ගොදුරුව සිටින බවයි.
අයි එස් ත්‍රස්ත කලාපයෙන් පලා යාමට තැත් කළ සිවිල් වැසියන් 40 දෙනකු ඝාතනයට ලක්ව ඇති බවද නවතම වාර්තා අනාවරණ කර තිඛෙනවා.
කෙසේ වෙතත් සැලකිය යුතු සිවිල් වැසියන් පිරිසක් අයි එස් ග්‍රහණයෙන් මිද පලාගොස් ඇති බවයි ජගත් සංවිදාන වාර්තා පෙන්වා දෙන්නේ.
මේ වන විට කුර්දි හමුදාවන් අයි එස් සාමාජිකයින්ට දරුණු ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.
අයි එස් සංවිධානය ක්‍රමයෙන් විනාශය කරා යමින් පවතින බවයි ජාත්‍යන්තර විචාරකයින්ද සදහන් කරන්නේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close