ලන්ඩන් සත්තුවත්තෙන් පැන්න කුම්බුකා අයෙත් ඇවිත්

ලන්ඩන් සත්වෝද්‍යානයෙන් පලා ගිය ‘කුම්බුකා’ නමැති ගෝරිල්ලා යළි එම සත්වෝද්‍යානයට රැගෙනවිත් තිඛෙනවා.
මෙම සත්ත්වයා සත්වෝද්‍යානයෙන් පලා යාමෙන් පසු ලන්ඩන් නගරය තුලද මහත් කලබලකාරී තත්ත්වයක් හටගත්තා.
ඔක්තෝබර් 13 වැනිදා මේ සිල්වර්බැක් වර්ගයේ ගෝරිල්ලා පළාගොස් තිබුණේ සේවකයන් කූඩුව පිරිසිදු කිරීමට පැමිණ දොර අගුළු දමා නොතිබූ අවස්ථාවකයි.

මධ්‍යම ලන්ඩනයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට මුල්වූ කුම්බුකා නිර්වින්දනය කිරීමෙන් පසුවයි යළි සුපුරුදු නවාතැනට කැදවාගෙන විත් ඇත්තේ.
මේ වන විට එම ගෝරිල්ලා ඉතා සන්සුන්ව සිටින බවද වාර්තාවුණා.

සත්ත්වෝද්‍යානයෙන් පලා යාමෙන් පසු කුම්බුකා පලතුරු බීම ලීටර් කිහිපයක්ම පානය කර ඇති බවයි අනාවරණ යි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න