සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේ ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලිය සඳහා ශ්‍රී‍්‍ර ලංකා සංචිතය නම් කෙරුණා. ඊට 15 දෙනෙක් ඇතුලත්. නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්. කණ්ඩායමේ උප නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් සිම්බාබ්වේ සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. ඔහු දේශීය තරඟයකදී ආබාධයකට ලක්වුණා. ප‍්‍රමාණවත් සුවයක් නොලැබීම හේතුවෙන් ඔහු සංචිතයට එක් නොවන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කරන්නේ. කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් සංචිතයට ඇතුලත්. කසුන් මධුෂංක, ළහිරු ගමගේ, ළහිරු කුමාර, අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල ද කණ්ඩායමට කැඳවා තිබෙනවා. පලපුරුදු වේග පන්දු යවන්නා ලෙස සිම්බාබ්වේ සංචාරයට එක්වන්නේ සුරංග ලක්මාල්.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න