ටයිටැනික් නැවේ කුටියක යතුරක් අද වෙන්දේසියේ

අත්ලාන්තික් සාගරයේදී සියවසකට පෙර ගිලී ගිය සුපිරි ටයිටැනික් නෞකාවේ  කුටියක යතුරක් අද වෙන්දේසි කෙරෙනවා.

ජීවිතාරක්ෂක කබා ගබඩා කොට තිබූ අල්මාරියක් විවෘත කිරීම සඳහා නෞකා සේවකයකු විසින් භාවිත කරන ලද යතුරක් මෙසේ වෙන්දේසි කිරීමට නියමිතයි.

අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ටයිටැනික් නෞකාවට අයත් දෙසීයකට අධික සිහිවටන අද මෙසේ වෙන්දේසි කෙරෙනවා.

එම යතුර ඩොලර් තිස් පන්දහසකට අධික මුදලකට අලවි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ටයිටැනික් නෞකාවේ කපිතාන් එඩ්වඩ් ස්මිත්ගේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ ඡායාරූප ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිඛෙනවා.
1912 වසරේ දී එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් බලා සිය මංගල චාරිකාව ආරම්භ කළ ටයිටැනික් නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත් වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදීයි.
අනතුරට පත් වන විට මගීන් එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් එහි රැදී සිටියා.
එයින් ජීවිතය ඛේරාගත්තේ සීමිත පිරිසක් පමණයි.

ඔබගේ අදහස අපට කියන්න

Close