මිල අඩු කළ ෙඖෂධ 48 නව මිල ගණන් මෙන්න

අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 ක මිල ගණන් අඩුකරලීමේ විශේෂ ගැසට්‌ නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ නිකුත් කර තිඛෙනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්සනින් යුතුවයි එම ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ.

මිල සූත්‍රය යටතේ මිල ගණන් අඩු කර ඇති බෙහෙත් වර්ග 48 අතර දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම අඩු කිරීම සඳහා ලබා දෙන “මෙට්‌ෙමීන්” පෙති/කරල් කොලෙස්‌ටරෝල් රෝගය සඳහා ලබා දෙන “ඇටෝවැස්‌මටින්” පෙති හෘද රෝග වැළැක්‌වීම සඳහා ලබා දෙන”ඇස්‌ප්‍රින්” පෙති, අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන “ලොසාටන්”, “එනලප්‍රිල්”, “ඇටනොලොල්”, “ක්‌ලෝපිඩොග්‍රේල්” පෙති වේදනා නාශකයක්‌ වන “පැරසිටමෝල්” පෙති ආසාදනයන් සඳහා ලබාදෙන “ඇමෝක්‌සසිලින්” පෙති/දියර/කරල් වේ.

බෙහෙත් මිල අඩු කිරීමේ ගැසට්‌ නිවේදනය යටතේ දක්‌වා ඇති බෙහෙත් වර්ගවල මිල ඉහල සීමාවන් එම බෙහෙත් වර්ගවල වෙළෙඳ හා ඖෂධීය නාමයන් සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර මෙහි දක්‌වා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එම බෙහෙත් අලෙවි කිරීම තහනම් කර තිඛෙනවා.

මිල අඩු කරන ලද ඖෂධ වර්ග 48 හා නව මිල ගණන්

001 002 0003

005004

ඔබගේ අදහස අපට කියන්න

Close