ලසන්ත ඝාතනයේ වගකීම භාරගත් පුද්ගලයා බොරු කියලා ?

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ වගකීම භාරගනිමින්  සියදිවි හානි කරගත් විශ්‍රාමික බුද්ධි අංශ සාජන් මේජර්වරයා එම ඝාතනය සිදුවූ දින කෑගල්ලේ පිහිටි ඔහුගේ නිවසේ සිටි බවට තොරතුරු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිඛෙනවා.

ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනය ඔස්‌සේ පරීක්‌ෂණ සිදුකිරීමෙන් පසුවයි මෙම තොරතුරු අනාවරණවී ඇත්තේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය මහතා සිදුවූ 2009 වසරේ ජනවාරි 8 වනදා මෙම සාජන් මේජර්වරයා ඔහුගේ නිවසේ රැදී සිට ඇති බවයි අදාළ වාර්තා මගින් තහවුරු කර ඇත්තේ.

ලසන්ත ඝාතනය කළ දින මෙම බුද්ධි අංශ නිලධාරියා නිවසේ සිටි බවට තොරතුරු හෙළිවීමත් සමගම ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ලියු බව කියන ලිපිය පිළිබඳ සැක සහිත තත්ත්වයක්ද නිර්මාණය වී තිඛෙනවා.

ජයමාන්න නමැති මෙම බුද්ධි අංශ සෙබළාගේ ජංගම දුරකථනය ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමූ දිනයේ ඔහුගේ නිවස සහ ඒ ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක වී ඇති බවත් ඊට ඇමැතුම් ලැබී ඇති බවත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් තහවුරු වීමයි මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ.

සිය දිවි නසා ගත් මෙම බුද්ධි නිලධාරියාගේ මළ සිරුර ඉකුත් දා යළි ගොඩ ගැණුනු අතර ඒ අධිකරණ නියෝගයක් මතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close