සුව ඇදන් හා කෑම කාමර සහිත සුපිරි නව ගුවන් යානය

ලෝකයේ තාක්ෂණ වර්ධනයත් සමග දිනෙන් දින ගුවන් සේවාවල වේගවත් වර්ධනයක් සිදුවෙමින් පවතිනවා.
එය වඩාත් කැපීපෙනෙන පරිදි වර්ධනය කරමින් නව ගුවන් යානයක් හදුන්වාදීමටයි ක්‍රීස්ටල් Boeing 777-200LR යානය හදුන්වාදී ඇත්තේ.
අධි සුඛෝපභෝගී මෙම ගුවන් යානා සාමාන්‍ය මගී ගුවන් යානාවලට වඩා වෙනස් වන්නේ අංශ කිහිපයක් හේතුවෙනුයි.
මෙම යානාවල මගීන්ට නිදන ඇදන් පහසුකම හිමිවනවා. ඔ්නෑම අවස්ථාවක එම ඇදන් තුල සුව නින්දකට පත්වන්නට හැකි පරිදියි ගුවන් යානාවල ආසන නිර්මාණය කර ඇත්තේ.
එසේම මෙම යානාවල මගීන්ට කෑම කාමරයක් / කෑම මේස හා සියලු සුඛෝපභෝගී අවන්හලක පවතින පහසුකම්ද හිමිවනු ඇති.
මෙම යානාවල තවත් විශේෂත්වය වන්නේ එහි ගුවන් ගමන් දිනකට හෝ පැය ගණනකට සීමා නොවීමයි.
එහි අවම ගුවන් ගමන් කාලය දින 7ක් වන අතර දින 14 , 21 හා 28 යන කාලයන් සදහා ගුවන් ගමන් වෙන්කර ගැනීමේ අවස්ථාවද පවතිනවා.
ඒ අනුව ලොව වටා ගමන් කිරීමට වුවද මේ යටතේ එක් ගුවන් ගමනකින් මගීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

Image result for Crystal’s Boeing 777-200LRImage result for Crystal’s Boeing 777-200LRImage result for Crystal’s Boeing 777-200LRImage result for Crystal’s Boeing 777-200LR

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න