චුන්නාක්කම්හී ගැටුමක් මැඩීමට ගිය පොලිසියේ 2කට තුවාල

චුන්නාකම් නගරයේදී පිරිසක් විසින් පහර දීමෙන් පොලිස් නිලධාරීන් දෙදනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළා.
චුන්නාකම් නගරයේ වෙළදසැලකින් කප්පම් ලබාගැනීමට යතුරු පැදිවලින් පැමිණි 6 දෙනකු හා වෙළදසැලේ පිරිසක් අතර ගැටුමක් සමථයකට පත් කිරීමට ගියඅවස්ථාවේදී පොලිස් නිලධාරීන් 3න් දෙනකු මෙම සිද්ධියට මැදිවී ඇති බවයි වාර්තාවන්නේ.එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදනකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close