බැදුම්කර කෝප් වාර්තාවට එජාපය විරුද්ධයි / නීතිය හා සදාචාරය ගැටෙයි

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධ වාර්තාව එළිදැක්වීමට නියමිතව තිබියදී ඒ සම්බන්ධ අර්බුධකාරී තත්ත්වයක් මතුව තිඛෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට කෝප් කමිටුව සකසා ඇති බැදුම්කර වාර්තාව ප්‍රතික්ෂේප කිරීමයි.
කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලංකා ඒ නිවුස් වෙත සදහන් කළේ කෝප් කමිටුවේ පාර්ශවයක් විසින් සකසා ඇති වාර්තාව කිසිසේත්ම පිළිගත හැකි එකක් නොවන බවයි.
එය නිසි පරිදි කරුණු අධ්‍යයනයකින් තොරව සිදුකර ඇති බවටද ඔහු චෝදනා එල්ල කළා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් අද (24) පැවැත්වෙනවා.
ඊට එක්සත් ජාතික පක්ෂය හා කෝප් කමිටුවේ අනෙක් පක්ෂ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සහභාගීවීමට නියමිතයි.
දැනට තොරතුරු පවතින පරිදි බැදුම්කර වාර්තාවෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා වරදකරු බවට පත් කර තිඛෙනවා.
එහෙත් එය සදාචාරාත්මක වරදක් මිස නීතිය හමුවේ දඩුවම් ලබාදිය හැකි අන්දමේ වරදක් නොවන බවටයි මත පලවන්නේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැදුම්කර නිකුතුවේදී නෛතීකව සියලු කටයුතු සිදුකර තිබුණද සිය බෑණනුවන්ට වැඩි කොටසක් ලබාදීමෙන් සදාචාරාත්මක වරදක් සිදුකර ඇති බවටයි අදහස් පලවන්නේ.
එහෙත් එම තත්ත්වය නොසලකා මෙය නෛතික වරදක් ලෙස අදහස් දැක්වීමක් සිදුව ඇති බවටයි වාර්තා පලවන්නේ.
කෙසේ වෙතත් ලබන 26 වනදා එළිදකින කෝප් බැදුම්කර වාර්තාව මේ වන විට සකස් කර අවසන් කර තිඛෙනවා.
එය පරිවර්තනය හා මුද්‍රණය හෙට දිනය වන විට අවසන් කිරීමට නියමිතයි.
මෙරට දේශපාලනය ගිනියම් කරන මීළග කරනු බවට කෝප් කමිටු වාර්තාව පත්වනු කිසිසේත්ම නොවැලැක්විය හැකි වනු ඇති බව නිසැකය.

ඔබගේ අදහස අපට කියන්න

Close