ලසන්ත ඝාතනය ගැන විශේෂ හෙළිදරව්වක් අත ළගයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයත්,  ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධියත් සම්බන්ධයෙන් රහසිගත සමාලෝචනයක යෙදී සිටින සිවිල් සංවිධාන ගණනාවක් ළඟදීම ඒ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානමින් පසුවනවා.

ලසන්ත ඝාතනය සිදුවී ඇති අන්දම පිළිබඳ සහ එය සිදු කළ ගිනිඅවියේ ස්වරූපය ස්ප්‍රිං උලක් ක්‍ෂණිකව විහිදී ඝාතනය සිදු කර ආපසු අවිය තුළටම හැකිළී එන බෝල්ට් වර්ගයේ කුඩා අවියක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 27 දින ඔහුගේ මළසිරුර ගොඩගෙන යළි පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයකට භාජන කරමින් සිටී.
සිවිල් සංවිධාන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එක්නැලිගොඩ අතුරුදන් වුණු දිනයේ අතුරුදන් වූ ස්ථානයට නුදුරේ සහ පිට පළාත්වල දුරකතන කුලුනු තුළින් රැව්දී හෙළිදරව් වී ඇති ජංගම දුරකතන සිම් කාඩ් 17ක අබිරහස් යටගියාව තවදුරටත් සැඟවීමට උත්සාහ දරන ප්‍රබල බලවේගයක් පරීක්ෂණ නිලධාරීන් වටා කරකැවෙමින් පරීක්ෂණ නොමඟ යැවීමේ උත්සාහයක යෙදෙන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

එක්නැලිගොඩ පැහැර ගත් දින එම ස්ථානයට ආරක්ෂක හමුදාව ප්‍රබල හස්තයක් ඔහු සමඟ නිරන්තරයෙන්ම ආරක්ෂාවට සිටිය යුතු ආරක්ෂකයකු සමඟ රැඳී සිටියේද යන්න තහවුරු කර ගත හැකි වන්නේ දැනට සැඟවී ඇති සිම්කාඩ් පත එළියට ගතහොත් පමණක් බවද එම සිවිල් සංවිධාන පවසයි.
එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරේ සිට අවසන් දින රාත්‍රි අක්කරෙයිපත්තුව ප්‍රදේශයට ගෙන ගොස් ඇත්තේ මුහුද පෙන්වීමටද, මුහුදු වැල්ල පෙන්වීමටද යන්න තවමත් අබිරහසක්ව තිබෙන අබිරහසක් බවයි අදාළ වාර්තා හෙළිකළේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතන රහස් ගැබ්වී ඇති සිම්කාඩ් 5දා ප්‍රබල හස්තයක මැදිහත්වීම මත සඟවා ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති අතර එම සිම්කාඩ්පත් 12 ප්‍රවේශම් කරමින් සඟවන ප්‍රබල හස්තයක් ගැන රජයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමේ ප්‍රබල හඬක් නැඟීමටද සිවිල් සංවිධාන කීපයක් සූදානම් වන බව දැනගන්නට තිබේ.

එම අබිරහස් දෙක හෙළිදරව් කර ගැනීම සඳහා කෙටිදුරක තිබෙන සිම්කාඩ් 12 එළියට නොඑන්නේ ඝාතන සැලැසුම්කරු ඒවා මෙහෙයවන ලද රහස් අකුරටම දන්නා ප්‍රබල හස්තයන් කීපයක ආත්ම ආරක්ෂාවට බවද සිවිල් සංවිධානයක ප්‍රකාශකයකු සදහන් කළා.
මෙම අබිරහස් ඝාතනය සහ අතුරුදන් වීමේ සිද්ධිය හෙළි කර ගැනීමට තවත් ඇත්තේ කෙටි දුරක් වුවද ඊට අදාළ සිම්කාඩ් 12ක් සඟවා අගුළුලා තිබෙන ආරක්ෂිත පෙට්ටියේ යතුර සොයා ගැනීමට හැක්කේ රටේ ප්‍රධානීන්ට මිස වෙනත් අයකුට නොවන හෙයින් ඒ පිළිබඳ ඉදිරියේ හෙළිදරව්වක් සිදු කිරීමට සිවිල් සංවිධාන සූදානමින් පසුවනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close