එක්නැලිගොඩ පැහැර ගැනීමේ තවත් දෙදනකුට ඇප

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව  සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට අද අවිස්සාවේල්ල මහා අධිකරණය මගින් ඇප නියම කළා.  ඒ මහාධිකරණ විනිසුරු  අමල් තිලකරත්න මහතා විසින් .
එක් සැකකරුවකු වෙනුවෙන් මුදලින් රුපියල් ලක්‍ෂ 15 බැගින් වූ  මුදල්  ඇප ලක්‍ෂ 30ක් සහ රුපියල් ලක්ෂ30 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැර තිඛෙනවා.
 විනිසුරුවරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවේ 2010-ජනවාරි  24 දින මාධ්‍යවේදී  ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි පළමුවෙනි සැකකරු  වන ගිරිතලේ තුන්වැනි බුද්ධිබලකා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් සේවය කරමින් සිටි කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්නම් සහ එම කදුරේම සේවයකළ තුන්වැනි සැකකරු සාජන් මේජර් ආර් ,එම් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂයි.
එම  දෙදෙනා විසින් අවිස්සාවේල්ල මහා අධිකරණයට ඉදිරිපත් කර තිබු ඇප අයදුම් පත අද දින මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඉදිරියේ  විභාගයට ගැනුණු අතර එහිදී මෙම හමුදා බුද්ධි අංශ නිලධාරීන් වන පළමුවෙනි සැකකරු කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්නම්  සහ  තුන්වන සැකකරු සාජන්  මේජර්  ආර් එම් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂ  යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවා.
සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිටිය යුතු වනවා.
එසේම සැකකරුවන්ට අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කල අතර වැඩිදුරටත්  විනිසුරුවරයා නියෝග කර සිටියේ ඔවුන්ගේ  රුපියල් ලක්‍ෂ30 බැගින් වූ ශරීර ඇප තුන ගෙවීමේදී ඉන්  එක් අයෙකු රජයේ සේවකයෙකු වියයුතු බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close