මට්ටක්කුලිය ඝාතන පරීක්ෂණ කොලඹ අපරාධ කොට්ඨාශයට

මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයයි එම පරීක්ෂණ මෙහෙයවන්නේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු හතරක් සහ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල උණ්ඩ කොපු දෙකක්ද සොයාගෙන තිඛෙනවා.

පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් මත සිදුවූවක් ලෙසයි මෙම වෙඩි තැබීම හදුනාගෙන ඇත්තේ. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි.

ඔබගේ අදහස අපට කියන්න

Close