අතේ පයේ හයිය පෙන්වූ චිලීට ඇප

පුද්ගලයකුට පහරදීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරව සිටි චිලී නොහොත් තිලංක විදූෂ ඇප මත  මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා. 

ඒ ඔහු ඉදිරිපත් කළ ඇප අයැදුම් පත  සළකා බැලීමෙන් අනතුරුවයි. 

සැකකරු පසුගිය 11 වනදා  අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ඔහු  අද (25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කෙරුණේ. 

මීට පෙර ඔහු ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රතික්ෂේප කළා.  පරීක්ෂණ කටයුතු එවන විට අවසන්ව නොතිබිම හෙතුවෙන්.   

ඔබගේ අදහස අපට කියන්න

Close