තවත් ඇමති පුත්‍රයෙක් අත්අඩංගුවට

පුද්ගලයකු රිය අනතුරකට ලක් කර මරණයට පත් කිරිමේ චෝදනාවට යසෝධ රංගේ බංඩාර ඇතුළු තිදෙනෙකු පළුගස්හංදිය පොලිස් මාර්ග බාධකයේදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙදි ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබුණා.
යශෝධ රංගේ බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයෙක්.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නගරයේ වෙළද සැලක සේවකයකු ලෙස සේවය කළ තෙන්නකොන් මුදියන්සේලාගේ ගාමිණි වන්නිනායක නැමැති පුද්ගලයෙක්.

අනතුරට සම්බන්ධ ඩිස්කවරි වර්ගයේ රථය ඇමති පුත්‍රයා විසින් පදවා ඇති බවයි වාර්තාවන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close