නිතර කැඩෙන නොරොච්චෝලේ ගැන විමර්ෂණයට කමිටුවක්

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ පසුගිය දා සිදු වූ බිඳවැටීමට පිළිබඳ ව ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ඉහළ මට්ටමේ ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිඛෙනවා.
හිටපු නීතිපතිවරයෙකු හා ජනාධිපති උපදේශකවරයෙකු වන සිබ්ලි අසීස් මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුලි හා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආර්.අයි. සේනාරත්න සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු සෙසු සාමාජිකයෝ වනවා.
මෙම බිදවැටීම් සම්බන්දයෙන් පවතින සැක තත්ත්වයන් කෙරෙහි කමිටුව විශේෂ අවදානයක් යොමුකිරීමට නියමිතව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close