පකිස්ථානයේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

පකිස්තානයේ ක්වෙටා නගරයේ පොලිස් පුහුණු පාසලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිඛෙනවා. බි බී සී පුවත් සේවය වාර්තා කළේ  ප්‍රහාරයෙන් කැඩෙට් භටයින් සහ ආරක්ෂක නිලධාරීන් 44 දෙනෙකු මියගොස් ඇති බවයි.

තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.  කැරලිකරුවන් තිදෙනෙකු මේ පාසල් ගොඩනැගිල්ලට ඊයේ ඇතුළු වී වෙඩි ප්‍රහාරයක් එල්ල කළා.

ඔවුන් මර්දනයට පැමිණි ආරක්ෂක නිලධාරීන් සහ එම කැරලිකරුවන් අතර, පැය කිහිපයක් පුරා ගැටුම් ඇතිව තිබුණා.  කැරලිකරුවන් දෙදෙනෙකු බෝම්බ පුපුරුවා ගනිමින් මිය ගොස් ඇති අතර අනෙක් කැරලිකරුවන් මියගියේ ආරක්ෂක අංශවල වෙඩි පහරින්.  ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාරගෙන නැහැ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close