බැදුම්කර වාර්තාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් වැරදියි / බෑනා අත්අඩංගුවට ගන්න නිර්දේශ

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණනුවන්ගේ සමාගම අයුතු ලෙස මුදල් උපයා ඇති බවට තහවුරු වී තිඛෙනවා.

ඒ අනු අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්‌ ඇතුළු පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ කටයුතු කළයුතු බවට කෝප් කමිටුව ඊයේ නිර්දේශයකටද එලඹ තිඛෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේ ඊට කමිටු අනුමැතිය හිමිවූ බවයි.

ආන්දෝලනාත්මක   මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන වංචාව සම්බන්ධයෙන් සොයා බැලෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ පෙරවරු 10.00 ට එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

එහිදී බැඳුම්කර නිකුතුවට අදාළ සාක්‍ෂි විශ්ලේෂණය කිරීම කමිටුව විසින් සිදුකර තිඛෙනවා. අනතුරුව පස්‌වරුවේදී ඒ සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම සිදුකර ඇති අතර එහිදී කෝප් කමිටුව නිර්දේශ දෙකක්‌ ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මීට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මෙන්ම ප්‍රාථමික වෙළෙඳපොළේ පවතින තවත් ආයතන කිහිපයක්‌ අයුතු ලෙස මුදල් උපයා ඇති බවට ද හෙළි වී ඇති බැවින් ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුව නිර්දේශ ඉදිරිපත් කළ බව අජිත් පී පෙරේරා මහතා සදහන් කළා.

කමිටුව අදාළ තීරණයට එළඹෙන විට සවස 6.40 පමණ වී ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම බ්‍රහස්‌පතින්දා (27 වැනිදා) සවස 2.00 ට රැස්‌වීමට ද තීරණය කරනු ලැබුවා.

ඒ අනුව මෙම බැඳුම්කර නිකුත් කිරීමේ සම්පූර්ණ වාර්තාව මෙම සිකුරාදා (28 වැනිදා) වන විට කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කමිටුව එකඟවී තිඛෙනවා. කෙසේ වෙතත් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ මූලික සාක්‍ෂි අවසන් වන තුරුම මූලාසනය හොබවා ඇති අතර පසුව සවස්‌ වරුවේ කමිටුවේ ඇතිවූ විවිධ තර්ක විතර්ක හමුවේ මූලාසනයෙන් නැගිට ඉවත්ව ගොස්‌ තිබුණා.

අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව වැඩ බලන සභාපති ලෙස මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මොහොමඩ් මහරුµa මහතා පත්කර ගනිමින් කමිටුවේ ඉදිරි වැඩකටයුතු සිදුකර තිඛෙනවා. කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ කිසිවක්‌ ඉදිරිපත් වී නොතිබූ අතර ඒ පිළිබඳව ඉදිරියේදී සලකා බලනු ඇතැයි ද නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close