මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයේ රහස හෙළිවෙයි

මට්ටක්කුලිය, සමිට්පුරයේ දී සිව්දෙනකු වෙඩිතබා ඝාතනය කිරීමේ පාතාල සිද්ධියට ප්‍රධාන හේතුව ප්‍රධාන හේතුව 2014 වසරේදී සිදුවූ පුද්ගල ඝාතනයක් බව හෙළිව තිඛෙනවා.මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකෙරෙන  කුඩු රොෂාන් නමැත්තාගේ පියා 2014 වර්ෂයේ දී කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය ඊට මුල්ව ඇති බවටයි සැක මතුව ඇත්තේ.

2014 වර්ෂයේ ජූලි මාසයේ 12 වැනි දා රාත්‍රියේ කුඩු රොෂාන් නමැත්තාගේ පියා වූ සුමිත් නමැත්තා කපා කොටා ඝාතනය කර තිබිණි. එම ඝාතනය සිදුකර ඇත්තේ පෙරේදා වෙඩි තැබීමෙන් මිය ගිය  චූටි උක්කුං සහ උක්කුං යන දෙදෙනා ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු විසින් බවද සදහන්.  එම සිද්ධියෙන් කුඩු රොෂාන්  නැමැත්තාද බරපතල තුවාල ලැබූ අතර පසුව ඔහු සුවපත්වී තිබුණා.  කෙසේ වෙතත් අදාළ ඝාතනයෙන් පැය කිහිපයකට පසු   උක්කුංගේ නිවසට පැමිණ උක්කුංගේ මව වන ප්‍රියංගනී හෙවත් ‘කුඩු කුමාරි’ ඝාතනය කර තිබූ බවයි පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.

එම ඝාතනයන් සඳහා චූටි උක්කුං සහ උක්කුං ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ එවකට මෝදර ‍පොලිසියේ සිටි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රොහාන් ඕලුගල මහතායි.  එම සිද්ධියෙන් පසුව මොවුන් බන්ධනාගාරගත වන අතර චූටි උක්කුං සහ උක්කුං බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ තිබුණේ ඉකුත් සතියේදීයි.

පෙරේදා සවසමෙම පිරිස  මට්ටක්කුලිය ප්‍රදේශයේ එල්‍ලේ ක්‍රීඩා තරගයක් නරඹමින් සිට ඇත්තේ ඔවුන්ගේ සතුරකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ නිවස ආසන්නයේයි.එම ස්ථානයට පැමිණි රොෂාන් ඇතුළු තිදෙනකු උක්කුං ඇතුළු පිරිසට නොනවත්වා වෙඩි තබා තිබුණා. මෙම වෙඩි තැබිමෙන් නුවන් සංජීව පෙරේරා (චූටි උක්කුං), ප්‍රසාද් චතුරංග පෙරේරා (උක්කුං), මොහොමඩ් හුසේන්, දෙනුවන් චතුරංග යන අය මිය ගිය අතර ඊට අමතරව තිදෙනෙක් ප්‍රතිකාර ලබමින් ජාතික රෝහ‍ලේ සිටින බව සඳහන් . මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ‍පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා තිඛෙනවා.  සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ ‍පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ. දැනට හෙළි වී ඇති ආකාරයට මෙම වෙඩි තැබිම සඳහා ටී 56 ගිනි අවියක් සහ මි.මී. 9 වර්ගයේ බ්‍රවුනින් පිස්තෝලයක් භාවිත කර තිබුණා. එම ස්ථානයේ තිබි ටී56 උණ්ඩ කොපු හතරක් සහ මි.මී. 9 වර්ගයේ උණ්ඩ කොපු දෙකක් ‍පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close