මහින්ද මෛත්‍රී අර්බුධය නිමයි / නාමල්ට ලගදීම ඉහල තනතුරක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි එක්කර ගැනීමට අදාළ සාකච්ජා සාර්ථක මට්ටමක පවතින බව අනාවරණ වී තිඛෙනවා.

සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් මහින්ද පාර්ශවයට ඉදිරිපත් කල යෝජනා සාර්ථක මට්ටමක පැවතීම මතයි මෙම තත්ත්වය නිර්මාණය වෙමින් පවතින්නේ.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට ගරු තනතුරක් ලබාදීමට හා නිදහස් පක්ෂයේ ඉහල ධූරයක් රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට ලබාදීමට යෝජනා කර තිබුණා.

චමල් රාජපක්ෂ මහතා එම තනතුරට පත් කරනු ලබන්නා වනු ඇති බවටයි දෙපාර්ශවයේම විශ්වාස ඇතිව තිබුණේ.
කෙසේ වෙතත් අදාළ එකගතාවයට අනුව නාමල් රාජපක්ෂ මහතාට අදාළ තනතුර ලබා දෙන ලෙසයි ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඊයේ මහින්ද අමරවීර මහතාගේ පාර්ශවයට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව සාකච්ජා ඉදිරියට ගෙන යා හැකි බවත් මහින්ද පාර්ශවය දැනුම්දී තිඛෙනවා.

මහින්ද අමරවීර ඇමතිවරයා මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත්කර ඇති බවද අදාළ වාර්තා අනාවරණ කළා.
ඒ අනුව එම සාකච්ජා ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බවත් අදාළ වාර්තා වැඩිදුරටත් අනාවරණ කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close