මෝල්ටාවේ ගුවන් අනතුරින් ප්‍රංශ රේගු නිලධාරීන් 3ක් මරුට

මොල්ටාවේ දී ගුවන් යානයක් කඩා වැටීමෙන් මිය ගිය පස් දෙනා අතර ප්‍රංශයේ රේගු නිලධාරීන් 3න් දෙනකුද වන බව අනාවරණ කර තිඛෙනවා.
මුර සංචාරයේ යෙදීමට භාවිතා කෙරෙන සැහැල්ලු යානය ගුවන් ගත වීමෙන් සුළු වෙලාවකට පසු කඩා විටී තිබුණා.
මෝල්ටා ගුවන්තොටුපොළෙන් පිටත් වූ යානය මධ්‍යධරණී මුහුදු කලාපයේ මුර සංචාරයක නිරත වීමට නියමිතව තිබියදීයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
යානය කඩා වැටීමට ප්‍රථම කිසිදු පිපිරීමක් හෝ ගිනි ගැනීමක් සිදුව නොමැති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
මධ්‍යධරණී මුහුද හරහා නීති විරෝධීව සිදු කෙරෙන පුද්ගල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ අරමුණෙන් ප්‍රංශය විසින් දියත් කරනු ලැබූ මුර සංචාර ව්‍යාපෘතියට මෙම යානය අයත් බවයි නිවේදනය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ප්‍රංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close