යාපනය සිසු මරණ ගැන පැහැදිලි පරීක්ෂණයක් / අගමැති

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු සාධරණව සිදු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අවධාරණය කළා.

ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතාද අද පාර්ලිමේන්තුවේදී අදහස් පල කළා.

එහිදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජය කණගාටුවන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පවුලේ සැම වෙත කණගාටුව ප්‍රකාශ කරනවා.රජයත් විපක්ෂයත් ජනතාවත් අද විශාල ප්‍රයත්නයක් දරනවා, ජාතික සංහිදියාව ගොඩනගන්නට.උතුරු නැඟෙනහිර සාමාන්‍ය තත්ත්වය ඇති කිරීමට කටයුතු කරන අවස්ථවක මෙවැනි සිදුවීම් ඇති නොවිය යුතුයි.

විමර්ශන කටයුතු සාධරණව සිදු කිරීමට කටයුතු කරනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close