ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ යයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් සංචාරය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරයේදී දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව දෙකක්. එහිදී පලමුවරට ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වය රංගන හේරත්ට හිමිව තිඛෙනවා. ඕස්ටේ‍්‍රලියා සංචාරයේදී දක්ෂතා දැක්වූ තරුණ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමට ඇතුළත්ව සිටීම වැදගත් බවයි  කි‍්‍රකට් නායක රංගන හේරත් සඳහන් කළේ. ඒ අනුව තරගාවලිය ජය ගැනීමට උපරිමයෙන් ක‍්‍රීඩාකරන බවත් ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය අහිමිවී තිඛෙනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close