මට්ටක්කුලියේ ඝාතනයට පෙර ගිනි අවිය මහසෝනාට කැප කරලා

මට්ටක්කුලිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් 4 දෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර ප්‍රදේශයේ සැගව සිටියදීයි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කුඩු රොෂාන් නැමැත්තාද අත්අඩංගුවට පත් පුද්ගලයින් අතරට ඇතුලත්.
එම සැකකරු මහසෝනා සහ රීරි යකා යන යක්ෂයින් අදහන්නෙකු බවටයි තොරතුරු වාර්තාවී ඇත්තේ.
මෙම ඝාතන සදහා යොදාගත් ටී පනස් හය ගිනි අවියද ඒ සදහා බාවිතා කිරීමට පෙර කඩවත ප්‍රදේශයේ දේවාලයක තබා පේ කොට ඇති බවත් පරීක්ෂනවලදී හෙළිව තිබෙනවා.
අපරාධය සිදු කළ පසු ද කුඩු රොෂාන් නැවත එම දේවාලය වෙත ගොස් ගිනි අවිය මහසෝනාට සහ රීරි යකාට පූජා කොට ඇති බවද සදහන්.
මෙම ගාතනයට මුල්ව ඇත්තේ මීට පෙර සිදුවූ තවත් පුද්ගල ඝාතනයක්. එහිදී මෙම සිද්ධියෙන් මිය ගිය සැකකරුවන් විසින් කුඩු රොෂාන් නැමැත්තාගේපියා ඝාතනය කර ඇති බවත් ඊට ප්‍රතිචාර ලෙස සිද්ධියට සම්බන්ධ අයකුගේ මවද ඝාතනයට ලක්ව ඇති බවත් අනාවරණ වී තිබෙනවා.
මෙම සිද්ධියෙන් තවත් 3න් දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close