ඕමානයේ විකිණෙන ගෘහ සේවිකාවන් ගැන හෙළිදරව්වක්

ඕමානයේ රැකියා ස්ථානවලින් පලා ගොස් සිටින ශ්‍රී ලාංකීය ඇතුලු රටවල් කිහිපයක ගෘහ සේවිකාවන් නව සේවා ස්ථාන වෙත අලෙවි කිරීමේ කූට ජාවාරමක් අනාවරණවී තිබෙනවා. ඒ ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් අඩවිය නිකුත් කළ ලද ගවේෂණාත්මක වාර්තාවක් හරහායි.

ශ්‍රී ලංකාව , ඉන්දියාව , බංග්ලාදේශය , පිලිපීනය හා අප්‍රිකාව රටවලින් ඕමානයට පැමිණ විවිධ ගැටලුවලට ලක්වූ කාන්තාවන් මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවයි එම පුවත්පත අනාවරණ කරන්නේ. සේවා ස්ථානවලින් පලා ගොස් නව රැකියා සොයන ගෘහ සේවිකාවන්ටද මෙම ජාවාරම්කරුවන්ගේ සහාය හිමිවන බවයි පැවසෙන්නේ.

එහිදී ජාවාරම්කරුවන් විසින් ඕමාන් රියාල් 1500 ක පමණ මුදලක් ගෘහ සේවිකාවන් ගෙන් අයකරනු ලබන අතර නව හාම්පුතුන්ගෙන්ද එවන් මුදලක් අය කිරීම සිදුකරන බවද එම වාර්තාවේ දැක්වෙනවා. කෙසේ වෙතත් ඕමාන නීතියට අනුව තානාපති කාර්යාලයේ හා ඕමාන රජයේ අනුමැතියෙන් තොරව නව රැකියා ස්ථානවලට යොමුවීම නීතී විරෝධී කටයුත්තක්.
මේ සම්බන්ධයෙන් ඕමාන රජය හා අදාළ ගෘහ සේවිකාවන් පැමිණෙන රටවල් දැඩි අවධානය යොමුකළ යුතු බවයි ඕමාන් ටයිම්ස් පුවත්පත අවධාරණය කර ඇත්තේ. මෙම ජාවාරම්කරුවන් ඕමාන ටයිම්ස් පුවත්පතට දැක්වූ අදහස්ද එම වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close