කොදෙව්වන් පරදා පකිස්ථානය යලිත් අංක 1ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග පැවැති තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයෙන් පාකිස්‌තාන කණ්‌ඩායමට ලකුණු 133 ක ජයක්‌ හිමිකර ගත්තා. ඒ යසීර් ෂාගේ සුපිරි පන්දු යෑවීම හේතුවෙන්.

අනුව තවත් එක්‌ තරගයක්‌ ඉතිරිව තිබියදී තරග 2-0 ක ලෙසින් තරගාවලියේ ජය හිමිකරගත් පාකිස්ථානය යළිත් ජගත් ටෙස්ට් කණ්ඩායම් අතර මුල් තැන තහවුරු කරගෙන සිටිනවා.

ජයග්‍රහණය සඳහා  දෙවන ඉනිමේ ලකුණු 456 ක ඉලක්‌කය හඹාගිය කොදෙව් පිලට පන්දුවාර 108 ක්‌ අවසානයේ සියල්ල දැවී රැස්‌කරගත හැකි වූයේ ලකුණු 322 ක්‌ පමණි.

පාකිස්‌තාන පිලේ ජය පහසු කරමින් සුපිරි පන්දු යෑවීමක නියෑළුණු යසීර් ෂා ලකුණු 124 ක්‌ තුළ කඩුලු 6 ක්‌ බිඳ හෙලුවා.

ලකුණු සටහන

පාකිස්‌තාන පළමු ඉනිම ලකුණු 410 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 67 කදී කඩුලු 2 ක්‌ දැවී ලකුණු 227 යි. (සමී අස්‌ලාම් 50, අසාර් අලී 79, අසාඩ් ශµSක්‌ (නොදැවී) 58, යුනිස්‌ ඛාන් (නොදැවී) 29, මිගුවල් කමින්ස්‌ 1/26)

බටහිර ඉන්දීය කොදව් පළමු ඉනිම 224 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 108 ක්‌ අවසානයේ සියල්ල දැවී ලකුණු 322 යි.(ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්‌ 67, ජෙරමයින් බ්‍රැත්වෙයිට්‌ 95, මාලන් සැමුවෙල්ස්‌ 23, රොස්‌ටන් චෝස්‌ 20, ශායි හෝප් 41, යසීර් ෂාහ් 6/124)

ඔබගේ අදහස අපට කියන්න

Close