තොරතුරු පනත නිදහස් දිනයේ සිට සක්‍රීයයි

තොරතුරු දැනැනීමේ පනත ලබන 2017 වසරේ පෙබරවාරී 4 වනදා සිට සක්‍රිය කිරීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්ත්‍ර ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධය හමුවට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු කඩිනමින් සිදුකරගෙන යන බවයි.
පසුගිය ජුනි මාසයේදී තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.
ඊට අදාළ කොමිසම මේ වන විට පත් කර ඇති අතර කාර්ය මණ්ඩල පුහුණු කිරීම මේ වන විට ක්‍රියාත්මකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close