පුතුගේ මරණය ගැන සැකයි / වීරවංශ නිවසේදී මිය ගිය තරුණයාගේ මව කියයි

හෝකන්දර මංගල මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාගේ පෞද්ගලික නිවසේදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂන ආරම්භ කර තිඛෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අද රාත්‍රියේදී පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ නිවස පරීක්ෂාවට ලක් කළ බවයි.
මීට අදාළව තලංගම පොලීසිය විසින් ශෂී වීරවංස මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිඛෙනවා.
මියගිය තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයාගේ මිත්‍රයෙකු බවයි ඇය සදහන් කර ඇත්තේ.
ඊයේ රාත්‍රියේ එම තරුණයා එම නිවසේ සිට ඇති බවත් ඔහු උදාසන නින්දෙන් අවදි නොවූ බව ඉහල මහලේ සිටි පිරිස් තමන්ට දැන්වූ බවත් ශෂී වීරවංශ මහත්මිය සදහන් කර තිබුණා.
කෙසේ වෙතත් මිය ගිය තරුණයාගේ මව පවසන්නේ මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් ඇති බවයි.
තරුණයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් පශ්චාත් මරණ පරීක්ෂනය සිදුවන තෙක් බලා සිටින බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close