බැදුම්කර වංචාවට එරෙහිව පියවර ගැනීමට ජනපති සූදානමින්

කෝප් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමෙන් පසු එම වංචාවට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගැනීමට නියමිත බව රජය පවසනවා.
මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.
මෙම වංචාව කිසි විටෙකත් යටගැසිය නොහැකි බවත් ඊට නිසි පියවර නොගෙන ක්‍රියා කළහොත් විශාල දේශපාලන පරිහානියක් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඒ අනුව කෝප් වාර්තා නිල වශයෙන් එළිදැක්වීමෙන් පසු වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන යාමට නියමිතයි.
කෝප් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව නිල වශයෙන් පිලගන්නා අතරම වෙනත් වාර්තා පිළි නොගන්නා බවයි ලක්ෂ්මන් යාපා අඛේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේ.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක පසුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close