ලෝකයේ ත්‍යාගශීලීම මිනිසුන් වෙසෙන රටවල් අතර ලංකාව 5 වන තැනට

ලෝකයේ වඩාත්ම ත්‍යාගශීලීම ජනතාවක් වෙසෙන රටවල් අතර 5වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිඛෙනවා. ඒ 2016 වර්ල්ඩ් ගිවින් ඉන්ඩෙක්ස් වාර්තාවට අනුවයි. එම වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි මෙරට ජනතාවගෙන් සියයට 56ක් අනුන් වෙනුවෙන් උපකාර කිරීමේ සූදානමින් පසුවන්නන් ලෙසයි නම් කර ඇත්තේ.

එම උපකාර මූල්‍යමය වශයෙන් හා ශ්‍රමය ලෙස ලබාදෙන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා. බෞද්ධ රටක් වශයෙන් මෙරට දන්දීමේ ප්‍රතිශතය ඉහල අගයක පවතින බවයි 2016 වර්ල්ඩ් ගිවින් ඉන්ඩෙක්ස් වාර්තාව සදහන් කර ඇත්තේ. ඒ අනුව මෙම වසරේදී ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍යාගශීලීම මිනිසුන් වෙසෙන රටවල් අතරින් 5 වන තැනට නම් කර තිඛෙනවා.

2016 වසරේදී ලෝකයේ වඩාත් ත්‍යාගශීළී රට ලෙස නම් කර ඇත්තේ මියන්මාරයයි. වසර ගණනාවක හමුදා පාලනයක් පැවැති රටක් වුවද වසර ගණනාවක් පුරා ලෝකයේ ත්‍යාගශීලීම රට ලෙසයි මියන්මාරය නම් දරා සිටින්නේ. එරට උපකාර කරන්නන්ගේ ප්‍රතිශතය සියයට 70ක් ලෙස නම් කර තිඛෙනවා. මෙවර ත්‍යාගශීලී රටවල් අතර දෙවන තැන අමෙරිකාවට ලැබී තිඛෙනවා.

3න් වන ස්ථානය ඔස්ටේ්‍රලියාව හිමිකර ගෙන ඇති අතර නවසීළන්තය 4වන තැන පසුවනවා. කැනඩාව,ඉන්දුනීසියාව , බි්‍රතාන්‍යය / අයර්ලන්තය හා එමීර් රාජ්‍යයද මුල් ස්ථාන 10ට ඇතුලත්. මෙම දර්ශකය සකස් කිරීමේදී රටවල් 140ක් සැලකිල්ලට ගෙන තිඛෙනවා. එහිදී ආගන්තුකයින්ට වඩාත් උපකාර කරන රට ලෙසින් නම් කර ඇත්තේ ගැටුම්කාරී තත්ත්වයකින් පීඩා විදින ඉරාකය වීමද කැපීපෙනෙන තත්ත්වයක්.මේ ලොව ත්‍යාගශීළීම රටවල් 10 යි.

top-10

4 thoughts on “ලෝකයේ ත්‍යාගශීලීම මිනිසුන් වෙසෙන රටවල් අතර ලංකාව 5 වන තැනට

  • October 26, 2016 at 12:40 pm
    Permalink

    මම ශ්‍රී ලoකිකයෙක් විම හරිම අඩම්බරයි ….. I am PROUD to be a SRI LANKEN.

    Reply
  • October 28, 2016 at 6:02 am
    Permalink

    මේක මනින්න යොදාගත් නිර්ණායක දන්නෙ නැති නිසා වැඩි යමක් කියන්න අමාරුයි. ඇමරිකානුවො ත්‍යාගශීලියි කියල නම් හිතන්න අමාරුයි. එයාල යමක් දෙන්නෙ ඊට වඩා ලොකු දෙයක් ගන්නයි. එතැන සිදුවන්නේ වෙළඳාමක්.

    Reply
  • October 29, 2016 at 12:05 am
    Permalink

    අපේ රට ලෝකෙන්ම උතුම් රටයි පෙර පිණක් තියෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට උපදින්නත් , ශ්‍රී ලංකාව තුළ ඉන්නා සැම බෞද්ධයෙක් තුළම බෞද්ධ දර්ශනේ වැදගත් කම වැටහේවා නම් දෙයක් කරගන්න පුළුවන් කෙනා සල්ලි පොදි ගහගෙන ඉන්නේ නැතුව දනට පිණට දීලා අසරණ සිංහළ බෞද්ධයන් නගා සිටවන්න අත දෙනවානම් , සල්ලි තණ්හාවෙන් මිණි නොමරා අනුන්ගේ දේ කඩා වඩා ගන්නේ නැතුව දැහැමින් ජිවත් වෙනවානම් සිංහළ බෞද්ධයන්ට වරද්දන්න කාටවත් බැහැ

    Reply
  • October 29, 2016 at 8:24 am
    Permalink

    I am very proud as a sri lankan

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close