ලෝකයේ භයානකම හෙදිය අත්අඩංගුවට – ඝාතන 8යි

අවස්ථා 8කදී රෝගීන් 8 දෙනකු ඝාතනය කළ හෙදියක් කැනේඩියානු පොලිසිය විසින් එරට අධිකරණයට ඉදිරිපත් කර තිඛෙනවා.
බී බී සී පුවත් සේවය පවසන්නේ මෙම හෙදිය 49 වන වියේ පසුවන එළිසෙබත් ට්රේසි ලෙස හදුනාගෙන ඇති බවයි.
ඇය විසින් 2007 වසරේ සිට මේ දක්වා තමන් භාරයේ පසුවූ රෝගීන් 8 දෙනකු ඝාතනය කර තිඛෙනවා.
එම රෝගීන් වයස අවුරුදු 75 ත් 96 ත් අතර වයසේ පසුවූවන්.

2007 වසරේදී ඝාතන 2ක් / 2011 වසරේදී ඝාතන 3ක් හා 2013 වසරේදී එක් ඝාතනයක් ඇය විසින් සිදුකර තිබුණා.
එමෙන්ම 2014 වසරේ ඇය විසින් තවත් 2නකු ඝාතනය කර තිඛෙනවා.
මෙම සියලුම ඝාතන ෙඖෂධ අධි මාත්‍රාවක් ලබාදීම හා මත්ද්‍රව්‍ය ලබාදීම යන ආකාරයන්ගෙනුයි සිදුකර ඇත්තේ.
1995 වසරේදී හෙදියක ලෙස සේවය ආරම්භ කළ මෙම කාන්තාව පසුගිය සැප්තැම්බර් 30 වනදා සේවයෙන් ඉවත්ව තිබුණා.
ඇය විසින් හෙදියක ලෙස සේවය කළ වසර 21තුල තවත් මෙවන් ඝාතන සිදුව ඇත්දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close