ලසන්ත ඝාතන සිද්ධියට අදාළ සැකකරු ඇප ලැබුණත් යළි රිමාන්ඩ්

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හමුදා බුද්ධි අංශ නිලධාරියා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එ අද දිනයේ ඇප ලබා දිමට අධිකරණය විසින් ඉදිරිපත් කළ ඇප කොන්දේසි ප්‍රමාණවත් සම්පුර්ණ කිරිමට නොහැකිවිම මතයි.

එ අනුව  ඔහුව නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔහුට අධිකරණය විසින් ඉදිරිපත් කළ ඇප කොන්දේසි වන්නේ රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් .

එමෙන්ම ඔහුට විදෙස් ගමන් සහ  යුධ හමුදා කදවුරුවලට ඇතුළුවීමට ද තහනම් කෙරුණා.

මේ වන විට ඔහු දින 100 කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරු පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ චෝදනා සකකරුට එරෙහිව එල්ලවී තිබෙනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close