අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා ?

හිටපු මහ බංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද දිවයිනෙන් පිටත්ව ගොසි ඇති බව අනාවරණවී තිබෙනවා.
ඒ ඔහු මහ බැංකු අධිපති ධූරය දරන ලද සමයේ සිදුවූ ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කෝප් විමර්ෂණ වාර්තාව හෙට නිකුත් කිරීමට නියමිතව තිබියදීයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද මෙරටින් පිටව ඇති බව පාර්ලිමේන්තුව හමුවේද ප්‍රකාශ කෙරුණා.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේ හිටපු මහ බැංකු අධිපති රටින් පිටවීම මතභේදාත්මක බවයි.
මේ වන විට කෝප් කමිටු වාර්තාව සම්බන්දයෙන් තොරතුරු හෙළිවෙමින් පවතින අතර එමගින් අර්ජුන් මහේන්ද්‍රන් මහතාටද වක්‍ර චෝදනා එල්ල කර තිබෙනවා.
අද පැවැති නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව හෙළි කළා.
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණනුවන්ට මෙම වංචාව සම්බන්ධයෙන් සෘජුව චෝදනා නගා තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close