ඉන්දියාව යළිත් පරදී

ඉන්දියාව සමග පැවති 4 වන  එක්දින තරඟයෙන් ලකුණු 19ක තියුණු ජයක්  ලබා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් වුනා. 

පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 කට ලකුණු 260ක් රැස්කළා. එහිදී මාටින් ගප්ටිල් ලකුණු 72.කේන් විලියම්සන් ලකුණු 41ක් ලබා ගත්තා. අමිත් මිෂ්රා ලකුණු 42කට කඩුළු 2යි. 

ලකුණු 261ක ඉලක්කයක් හඹාගිය ඉන්දිය කණ්ඩායමට පන්දුවාර 48.4කදී සියළුදෙනා දැවී ලබාගතහැකි වූයේ ලකුණු 241ක් පමණි. අජින්ක්ටා රහානේ ලකුණු 57 යි. විරාත් කෝලි ලකුණු 45යි.  පන්දු යැවීමේදී ටිම් සවුදි ලකුණු 40කට කඩුළු 3ක් ලබා ගැනීමට සමත් වුනා. . 

තරඟයේ වීරයා මාටින් ගප්ටිල්.

ඔබගේ අදහස අපට කියන්න

Close