කැප්පෙටිපොල නිලමේ තවමත් රාජ්‍යද්‍රෝහී ලයිස්තුවේ

1817 – 1818 කාලයේදී ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කිරීම හේතුවෙන් එවක රාජද්‍රෝහී ලැයිස්තුවට ඇතුළත් කෙරුණු මෙරට නායකයින් පිරිසකගේ නම් මෙතෙක් එම ලැයිස්තුවෙන් ඉවත්කර නැති බව පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.

ඒ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින්.

” බ්‍රිත්නයන් විසින් රජද්‍රෝහීන් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයන්ගේ නම් ගණන 19යි, ඔවුන්ගේ නම් 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත්‍රයෙ ඇත, ඔවුන්ගේ නම් කැප්පෙටිපොල  දිසාවේ, ගොඩගම දිසාවේ ආදී වශයෙන් වේ”

රාජද්‍රෝහීන්ගේ ලැයිස්තුවෙන් එම නම් ඉවත් කිරීමට පෙර යම් නීතිමය කරුණු නිරවුල් කරගත යුතු බව යැයි පෙන්වා දුන් නියෝජ්‍ය ඇමතිවරයා නීති අංශවලින් ඒ පිළිබඳ පැහැදිලි නිර්දේශ ලදහොත් රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ බවයි කියා සිටියේ.

“මේ ගොල්ලන්ගේ දේපල ගැන ප්‍රශ්නයක් තියෙනවා, අධිකරණ අමාත්යංශය මේ ගැන මුලිකත්වය අරගෙන කටයුතු කරන්න ඕනේ”

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 70 ක් ගෙවි ගිය ද මොණරවිල කැප්පෙටිපොල වැනි නායකයින්ගේ නම් රාජද්‍රෝහී ලැයිස්තුවේ තවමත් පැවතීම ඛේදවාචකයක් බවයි පැනය ඉදිරිපත් කළ බුද්ධික පතිරණ මහතා කියා සිටියේ.

ඔබගේ අදහස අපට කියන්න

Close