සුළි කුණාටුව අද ඉන්දියාවට

ඛෙංගාල බොක්ක ආශ්‍රීතව හටගෙන ඇති කයාන්ට් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතිනවා.
ඉන්දීය කාලගුණික බලධාරීන් පවසන්නේ අද දිනයේදී සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ ඔඩිසා ප්‍රදේශයටත් ඉන් පසු අන්ද්‍රා ප්‍රදේශයටත් බලපානු ඇති බවයි.
සුළි කුණාටුව පැයට සැතපුම් 60ක පමණ වේගයකින් හමා යනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
මෙම අවධානම් තත්ත්වය සමග ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විශේෂ පූර්න‍ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිඛෙනවා.
ඒ සදහා ඉන්දී්‍ය නාවික හමුදා විශේෂ කණ්ඩායමක් හා නාවික යාත්‍රා රැසක්ද යොදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
එම කලාපයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සැහැල්ලු යාත්‍රා හා හෙලිකොප්ටර් යානා සමග යොමුකර ඇති හමුදා සාමාජිකයින් ගණන 5000ක්.
මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දීය නැගෙනහිර වෙරළ ධීවරයින්ට තහනම් කලාපයක් බවට නම් කර තිඛෙනවා.

Cyclone, Cyclone Kyant, India cyclone, India cyclone east coast, East coast cyclone, India storm, India storm east coast

ඔබගේ අදහස අපට කියන්න

Close