කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට / වැරදිකරු අර්ජුන් ?

චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාවට අර්ජුන මහේන්ද්‍රන් මහතා වැරැදිකරු බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස (කෝප්) වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග  අනාවරණ කරනවා.
ඒ අනුව බැදුම්කර ගණුදෙනුවෙන් අලාභයක් සිදුව ඇත්නම් එය අයකර ගන්නා ලෙසත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා නිර්දේශ හිමිව ඇති බවයි පැවසෙන්නේ.

මෙම වාර්තාවේ පවතින පිටු ගණන 4000ක්.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමද වාර්තාවේ පළමු කොටසට සහ නිර්දේශවලට එකඟතාව පල කර තිඛෙනවා.

ඔවුන්ගේ සංශෝධන ඇමුණුමක් ලෙස වාර්තාව සමග ඉදිරිපත් කිරීමට පෙරේදා (26) රාත්‍රී රැස්වූ කෝප් කමිටු හමුවේදී රැස්වූ කෝප් කමිටුවේදී එකගතාවය හිමිවූ බවයි ප්‍රකාශ වුණේ.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළේ අවසන් මොහොතේදී පරාජය පිළිගනිමින් එජාපය මෙම වාර්තාව ඉවත් කර ගත් බවයි.

බැදුම්කර  අදාළ පරීක්ෂණ හා ඊට බාධා කළ පුද්ගලයින් පිළිබදව කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුව හමුවේ හෙළි කිරීමට නියමිතයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් කමිටු වාර්තාව ඔස්සේ මහ බැංකුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවිශ්වාසය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවටද කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ.

කෙසේ වෙතත් කෝප් කමිටු වාර්තාවේ අවසන් නිර්දේශ පිළිබඳව කෝප් කමිටුව ඊයේ වනතුරුත් නිවේදනය නොකළ අතර අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන වාර්තාව ඒ සම්බන්ධ නිල වාර්තාව බවට පත්වනු ඇති.

මේ අතර අද ඉදිරිපත් කෙරෙන කෝප් වාර්තාවෙන් සෘජුව චෝදනා එල්ල වීමට නියමිත හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඊයේ (27) සවස රටින් බැහැර වී තිබුණා.
අප වාර්තාකරු සදහන් කළේ ඊයේ පස්වරු 2ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සවස 3.13ට පමණ සිංගප්පූරුව බලා ගුවන්ගතවූ ඊකේ 348 එමිරේට්ස් ගුවන් යානයෙන් රටින් පිටව ගිය බවයි.

කටුනායක ගුවන්තොටුපළ නිලධාරිහු අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුව බලා ගිය බව තහවුරු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඔහු චෝදනා ලැබුවද විදෙස් ගමන් තහනම් කළ නොහැක්කේ ඔහු මෙරට පුරවැසියකු නොවීම හේතුවෙනුයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close