කෝප් වාර්තාව නිකුත් වේ / වරදකරු මහේන්ද්‍රන්

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බවට නිර්දේශ ඇතුළත් කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.ඒ  කෝප් සභාපති ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්.

බැඳුම්කර ගණුදෙනුවට හිටපු මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් මණ්ඩලය ප්‍රධාන බලපෑමක් කර තිබෙන බවටත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවටත් පිටු 55කින් යුත් කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට යොමු කරන ලෙසද සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් සිදුකළා.

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් මාස ගණනාවක් තිස්සේ සිදු කරණ ලද විමර්ශනයෙන් අනතුරුව මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන තුරුම විවිධ පාර්ශව විවිධ අදහස් පල කිරීම් සිදුකරනු ලැබුවා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු බැවින් ඔහු සහ මහ බැංකුවේ වගකිව යුතු අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වංචාවෙන් රටට සිදුවූ අලාභය අය කර ගැනීම, එම පිරිසට එරෙහිව නිසි ලෙස දඬුවම් කෙරෙන්නේදැයි සොයා බැලීමටත් යළි එවැනි වංචා සිදු නොවීමටත් අවශ්‍ය පියවර ගැනීම, පසු විපරම් සදහා විශේෂ කමිටුවක් පත් කිරීම, වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ රාජ්‍ය ණය කළමනාකරණ මෙහෙයුම් අත්පොත සක්‍රීය කිරීම ඇතුළු කරුණු ගණනාවක් එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න