සන්ධාන සමයේ අතුරුදන්වූ වෙඩි නොවදින රථයක් සොයාගැනේ

මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වෙඩි නොවදින මෝටර් රථයක් සොයා ගෙන තිබෙනවා.

එම රථය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහි වෙළදපල වටිනාකම රුපියල් කෝටි 7ක් බවයි වාර්තාවන්නේ.

එම රථය වාරායෙන් නිදහස් කරගැනීමට කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් බවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඉකුත් ජුනි මාසයේදී ද වෙඩි නොවදින මෝටර් රථයක් නැගෙනහිර පළාතෙන් සොයා ගනු ලැබුවා.

පසුගිය සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ මෝටර් රථ අංගනයේ තිබූ වෙඩි නොවදින මෝටර් රථ ඇතුළු රථ වාහන බොහෝ ප්‍රමාණයක් අතුරුදහන්ව තිබූ අතර ඒ අතරින් රථ බොහොමයක් තවමත් සොයාගෙන නැහැ.

 

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න