ඉන්දු පකිස්ථාන ගැටුම උඩුදුවයි / තානාපතිවරුත් එළවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා යළි සියරට කැදවා තිඛෙනවා.
ඉන්දී්‍ය මාධ්‍ය වාර්තා කළේ පැය 48 ක් තුල තම රටින් පිටවන්නැයි පකිස්ථානය ඉන්දිය මහ කොමසාරිස්වරයාට නියෝග කිරීමෙන් පසු මෙම තත්ත්වය මතුව ඇති බවයි.
ඉන්දියාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉන්දියාවේ ඔත්තු බැලීමේ නිරතවූ බවට ඉන්දීය රජය චෝදනා එල්ල කළා.
ඊට ප්‍රතිචාරයක් ලෙසයි පකිස්ථානය ඉන්දීය මහ කොමසාරිස්වරයාට රටින් පිටව යන ලෙස දන්වා ඇත්තේ.
ඒ අනුව වහාම ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ පවුලේ සාමාජිකයින් යළි කැචවූ බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
කාශ්මීර කලාපයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් දෙරට අතර මෙම උණුසුම් තත්ත්වය මතුව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close