ලොතරයි මණ්ඩලයේ මුද්‍රණ ප්‍රමාද චෝදනා බොරු / මණ්ඩලය කියයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මුද්‍රණය සඳහා කිසිදු මුද්‍රණ ආයතනයකට ලබා නොදීම මත මේ වනවිට ගොවිසෙත ටිකට් පත් ඇතුළු ටිකට් පත් කිහිපයක් මුද්‍රණය කිරීමට නොහැකි මට්ටමකට පත්ව ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.
ලොතරයි මන්ඩලය පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැටලුවක් පවතින බවට ඇතැම් පිරිස් පල කරන වාර්තා අසත්‍ය බවයි.

ජාතික ලොතරයි මණ්ඩල මුද්‍රණකරුවන් තෝරාගැනීමේදී 2011 වසර දක්වා ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොමැති බවයි එහි දැක්වෙන්නේ.
පසුව විගණකාධිපතිවරයාගේ ඉල්ලීම හේතුවෙන් 2011 වසරේදී ජාතික සම්පත / ගොවිසෙත / වාසනා සම්පත හා සුපිරි වාසනා සම්පත වෙනුවෙන් ටෙන්ඩර් කැදවීමට මණ්ඩලය පියවර ගෙන තිබුණා.

එසේ ටෙන්ඩර් ලබාගත් සමාගම් දෙකක් නියමිත ගුණාත්මක භාවයෙන් එම කටයුතු සිදුකිරීමට අසමත්ව ඇති අතර මෑතකදී ඔවුන් බරපතල මට්ටමේ වැරදි කිහිපයක් සිදුකර ඇති බවයි ලොතරයි මන්ඩලය පෙන්වා දෙන්නේ.
ඔවුන් වසර 20 ක කාලයක් අත්දැකීම් සහිත බව ප්‍රකාශ කළද අත්දැකීම් පමණක් සැලකිල්ලට තරගකාරී වෙළද පල තුල ටෙන්ඩර් ලබාදීමට හැකියාවක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රමවේදයෙන්ආයතනයට රුපියල් මිලියන 50කට අධික ලාභයක් හිමිව ඇති බවයි ජාතික ලොතරයි මණ්ඩලය සදහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ආයතනවල ටෙන්ඩර් කාලය නිමාවට පත්වීම සමග ටෙන්ඩර් කැදවා  සුදුසුකම් සහිත ආයතනයකට එම ටෙන්ඩර් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
එම කටයුතු මේ වන විට නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බවද ජාතික ලොතරයි මන්ඩලය සදහන් කළා.
කෙසේ වෙතත් අදාළ මුද්‍රණ ටෙන්ඩරය පෙර හිමිකරගෙන සිටි දේශපාලන පවුලක සාමාජිකාවකගේ ආයතනයක් විසින් මීට අදාළව අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ.
ඊයේ දිනයේ පැවැති නිදහස් පක්ෂ මාධ්‍ය සාකච්ජාවේදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ලොතරයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරයියේ මුද්‍රණ කටයුතු ඇණහිට ඇති බව සදහන් කළා.
අමාත්‍යවරයා පැවසුවේ ලබන සදුදා ගොවිසෙත ලොතරයිය මෙසේ මුද්‍රණය කිරීමේ ගැටලු මතුව ඇති බවයි.
ඔහු මීට පෙර අවස්ථාවකද මෙම සිද්ධියට අදාළව අදහස් පල කර තිබුණා.දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මීට අදාළව ජාතික ලොතරයි මන්ඩලය කෝප් කමිටුව හමුවට ගෙන එන බවයි.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ජාතික ලොතරයි මන්ඩලය පවසන්නේ. මේ වනවිටත් අදාළ මුද්‍රණ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින අතර එවන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවද මණ්ඩලය සදහන් කළා.

එසේ මුද්‍රණය කළ ටිකට්පතක ආකෘතියක්ද මෙම ලිපියේ අවසානයේ සදහන්

        9

 

ඔබගේ අදහස අපට කියන්න

Close