ශ්‍රී පාද පුදබිමේ හෝටල් කතාව බොරුවක් / මහසොහොන් කල්ලියේ වැඩක්

ශ්‍රී පාද පුදබිමට අයත් අක්කර 99 ක භූමිය තුළ කිසිදු සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිනොවන බව ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ අවාධාරණය කරනවා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ , ශ්‍රී පාද පුදබිමේ හෝටල සංකීරණයක් ඉදිකිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් හටගෙන ඇති බවයි.

එහෙත් ශ්‍රී පාද අඩවිය තුල කිසිදු ආකාරයක එවන් ඉදිකිරීමක් සිදුනොවන බවද එහිමියන් අවධාරණය කළා.

ශ්‍රී පාදස්ථානයට පහළින් ඇති ප්‍රදේශයක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සඳහා අවසරගෙන ක්‍රියා කරමින් සිටින බවයි ධම්මදින්න හිමියන් කියා සිටියේ.
එබැවින් ඊට අදාළව මැදිහත්වීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද උන්වහන්සේ සදහන් කළා.

එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
මහසොහොන් කල්ලිය නම් කණ්ඩායමක් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවද ඛෙංගමුවේ ධම්මදින්න හිමියන් අනාවරණ කර තිඛෙනවා.
මෙම සාකච්ජාවට එක්වූ අඹගමුව ප්‍රාදේශීය ලේකම් එස් සරවනන් මහතා කියා සිටියේ මස්කෙලිය ජලාශයට ඉහලින් මරේ ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක අදාළ ඉදිකිරීම සිදුවන බවයි.
එය නීත්‍යානුකූල එකක් බවද ලේකම්වරයා සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close