ස්පාඤ්ඤය කාන්තාරයක් වනු ඇතැයි විද්‍යාඥයන් කියයි

ඉදිරි දශක කිහිපය තුල ස්පාඤ්ඤයේ දකුනු දිග කලාපය කාන්තාරයක් බවට පත්වීමේ අවධානමක් පවතින බව විද්‍යාඥයන් අනතුරු අගවා තිබෙනවා.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගෝලීය කාලගුණික විපර්යාස හේතුවෙන් එම තත්ත්වය මතුවන බවයි.
දිනෙන් දින එම කලාපයේ උෂ්ණත්වය ඉහල යාම තුලින් 2100 වසර වන විට ස්පාඤ්ඤය කාන්තාරයක් බවට පත්වීම නොවැලැක්විය හැකි බවයි විද්‍යාඥයන් සදහන් කරන්නේ.
මේ යටතේ ස්පාඤ්ඤය ආසන්න මධ්‍යධරණි මුහුදු කලාපයද කාන්තාරයක් බවට පත්වීමේ හැකියාව පවතින බව ප්‍රකාශ වී තිබෙනවා.
මේ වන විටත් විවිධ අවස්ථාවල හටගන්නා ලැව් ගිනි තත්ත්වයන් හේතුවෙන් ස්පාඤ්ඤයේ වනාන්තර කලාපයන් රැසක්ම හානියට පත්ව තිබෙනවා.

Study predicts deserts in Spain if global warming continues

ඔබගේ අදහස අපට කියන්න

Close